/ Jun 20, 2026

කොළඹ සරසවියේ ඩිප්ලෝමා විභාග මුදලට සමත් කරලා : පැමිණිල්ලක්!

කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාගවලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කිරීම හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී බලධාරීන් විවිධ අක්‍රමිකතාවන් කරන ලද බවට පැමිණිලි ලැබී ඇති බැවින් අල්ලස් කොමිසම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ල කර ඇත්තේ එම සරසවියේ කළමනාකරණ උසස් ඩිප්ලෝමාව හදාරණ සිසුන් පිරිසක් විසිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර අදාළ විභාගයේ ප්‍රශ්න හෙළි කරන බවටද සමහර ආචාර්යවරුන් මුදල් ලබාගෙන ලකුණු ලබා දී ඇති බවටද පවසන ඔවුන් ආචාර්යවරුන්ට අවනත නොවන සිසුන් අසමත් කර ඔවුන්ගෙන් පළිගැනීමටද ක්‍රියා කරන බව කරුණු සහිතව ඔවුන් අල්ලස් කොමිසමට පෙන්වා දී තිබේ.

සම්මත විභාග ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ පටිපාටි ඇතැම් ආචාර්යවරුන්ගේ වුවමනාව මත වෙනස් කරන බවත් අසමත් කළ සමහර සිසුන් ප්‍රශ්න කිරීම්වලින් පසු සමත් කර ඇති බවත් මෙම සිසුන් චෝදනා කර තිබේ.

මේ සියල්ල අල්ලස් පණත යටතේ වැරදි බව පෙන්වා දෙන පැමිණිලිකාර සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්හි ගුණාත්මකභාවය සුරක්ෂිත කරන ලෙසද ඉන් ඉල්ලා සිටිති.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top