දෛනික රුපියල් ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් ඇති සෑම සේවා සැපයීම් සහ වෙළෙඳ ආයතනයක්ම එළැඹෙන ජූලි 01 වැනිදා සිට වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි විය යුතු වෙයි.
වාර්ෂිකව මිලියන 60ක්ව තිබූ පිරිවැටුම මේ වන විට රු. මිලියන 36 දක්වා අඩු කර ඇති හෙයින් ඒ අනුව සේවා සැපයීම්, තොග සහ සිල්ලර වෙළෙඳාම්, නිෂ්පාදන ආයතන තමන්ගේ බද්දට යටත් පිරිවැටුම වාර්ෂිකව මිලියන 36ක් හෙවත් දිනකට ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් ඇත්නම් මේ සඳහා ලියාපදිංචි විය යුතු බව දැනුම් දී තිබේ.
ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ඕනෑම ශාඛා කාර්යාලක් හරහා ද සිදුකර ගත හැකි බවත් ඒ සඳහා සියලු පහසුකම් මේ වන විට සලසා දී ඇත්.
බද්ද ගෙවන්නේ සාමාන්‍ය මහජනතාව වන අතර ව්‍යාපාරික ප්‍රජාව සිදු කරන්නේ එම බදු එකතු කර රජයට පවරා දීම වන හෙයින්ඒ සඳහා ලියාපදිංචි වීම වැදගත් බව රජය දැනුම් දෙයි.






