ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ බැස ඇතත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
වෙළෙඳපොළේ පවතින්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන වන හෙයින් මේ මොහොතේ ඉන්ධන් මිල පහත දැමීමක් සිදුකළ නොහැකි බව ඇය පෙන්වා දෙයි.
“කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳපොලේ තියෙන්නෙ. එතකොට ඒ තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැයකරලා තමා ඒ තෙල් ගත්තෙ. මේ මුදලට අපි තෙල් විකුණන්නෙ ඒකෙ බරෙන් කොටසක් රජය දරන නිසා. ඒ නිසා තමයි මේ හාරසිය ගාණකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගාණක් විය යුතුයි. තෙල්වල මිල අඩුවෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබාදෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩුකරන්න බැහැ”
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.






