කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක්, තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (22) පස්වරු 1.15ට පමණ එම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබු 10 දෙනෙකු කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
වාහන 7ක පමණ අදාළ බස් රථය ගැටී ඇති බවයි පැවසෙන්නේ.
නුවරඑළිය – කොළඹ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන කිහිපයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධව කෑගල්ල් මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.






