බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer අද (22) ”10” ඩවුනිං වීදිය ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අගමැති ධුරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය.
තමන් ධුරයේ සිටි කාලය පුරා ගත් සෑම තීරණයක්ම “මා ආදරය කරන රටට මුල් තැන දීම” සඳහා ගත් බව ස්ටාමර් පැවසූ අතර එමෙන්ම ඔහු සිය බිරිඳ වික්ටෝරියා (Vic) ස්ටාමර් වෙත ස්තුතිය පළ කරමින්, ඇය තම ජීවිතයේ “ශක්තිමත් ආධාරකය” වූ බව සඳහන් කළේය.
ස්ටාමර් සිය කථාවේදී තම දරුවන් ගැනද සංවේදීව අදහස් දක්වමින් පැවසුවේ “මගේ ලස්සන දරුවන් මගේ අභිමානය සහ සතුටයි. ඔවුන්ට හැකි හොඳම පියා වීමට මට අවශ්‍යයි” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.
මේ අතර කම්කරු පක්ෂය නව නායකයෙකු තෝරා ගන්නා තෙක් තමා තනතුරේ රැඳී සිටින බව පැවසූ ස්ටාමර් එය “සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව නැවත පැමිණීමට පෙර” සිදු වන බව සහතික කරන ලෙස ඔහු පක්ෂයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, අගමැති ධුරයට පත්විය හැකි ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සැලකෙන Andy Burnham අද වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේදී Makerfield මැතිවරණ කොට්ඨාසයේ නව මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු පසුගිය සතියේ පැවති අතුරු මැතිවරණය ජයග්‍රහණය කරන ලදී.
ස්ටාමර්ගේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලනයේ නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති බව විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.






