/ Jun 26, 2026

අනුරාධපුර 15 හැවිරිදි වින්දිත දැරියට යුක්තිය ඉල්ලා අනුරාධපුර අධිකරණ සංකීරණය ඉදිරිපිට දී විරෝධතාවයක්!

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය අද (26) විභාගයට ගැනුණි.

එම අවස්ථාවේ අදාළ විඳිත දැරියට යුක්තිය ඉටුකරන් ලෙස බලකරමින් අනුරාධපුර අධිකරණ සංකීරණය ඉදිරිපිට දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

අනුරාධපුර සහ කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමඟ නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානය මෙන්ම ගැමි කාන්තා පෙරමුණ එක්වයි එය සංවිධානය කර තිබුණේ.

අද දින කැඳවූ නඩුව සම්බන්ධයෙන් අදහස් පළකළ නීතිඥ ධනුෂ්ක සිල්වා පවසා සිටියේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පල්ලේගම හේමරතන හිමියන්ට අදාළව නඩු අංක 22 424/2026 යටතේ විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව අද දිනට කැඳවා තිබුණ බවයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් මණ්ඩලයක් පෙනී සිටි අතර, චූදිත පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස හා ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පෙනී සිට ඇත.

තවද පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද අද දින පැමිණි ඇත.

එහිදී, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් වාර්තා හා ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත.

එමෙන්ම, අද දින මෙම සිද්ධියට අදාළ දරුවාගේ DNA වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් එම වාර්තාවේ පිටපත් ලබා ගැනීම සඳහා නීතිඥවරුන් ඉල්ලා සිට ඇති අතර එම වාර්තා ලබා දෙන ලෙස අධිකරණය නියෝග කළේය.

මෙම නඩුවේ මීළඟ විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා 2026 අගෝස්තු 21 දිනට නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top