/ Sep 26, 2026

කොංගෝවේ සිදු වූ ගුවන් අනතුරකින් 14ක් ජීවිතක්ෂයට!

කොංගෝ ජනරජයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමුදා නිලධාරීන් පිරිසක් රැගත් මෙම ගුවන් යානය නිරිත දිග කොන්ගෝවේ කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා බලා ගමන් කරමින් තිබියදී තාක්ෂණික දෝෂයකට ලක්වීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අනතුර සිදුව ඇත්තේ කෙන්ජ් ප්‍රදේශයේදීය.

තාක්ෂණික දෝෂය හේතුවෙන් හදිසි ගොඩබෑමකට උත්සාහ කිරීමේ දී ගුවන් යානය අනතුරට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top