අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවනු ලබන රියැදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව, ඔවුන්ට එරෙහිව ඍජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
ජුනි 26 දින පමණක් දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
පසුගිය මාස 6ට පමණක් මෙරටින් මාරක රිය අනතුරු 1,292ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 1,357කි.
මෙම අනතුරුවලින් පදිකයින් 467දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 465දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම රියැදුරන්ගේ අධික වේගය සහ නොසැලකිලිමත් ධාවන රටාවන් බලපා ඇති බවය.






