/ Jun 28, 2026

සාම සිහින බොඳ වෙයි ද? ඇමරිකාවෙන් ඉරානයට නැවත ප්‍රහාර!

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ බව කියන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩාවලට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෘෘත් සෝෂල්හි සටහනක් තබමින් එක්සත් ජනපද ජනපතිවරයා කියා ඇත්තේ ඉරානය සටන් විරාමය නැවතත් උල්ලංඝනය කර ඇති බවයි. ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවත්, ඉදිරියේදී තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

කරුණු ඉදිරියට මෙසේ සිදුවන්නේ නම් තමන් සාර්ථකව ක්‍රියාත්මක කළ මිලිටරි ක්‍රියාමාර්ගය නැවත ක්‍රියාවට නංවන බවත්, ඉන්පසු ඉස්ලාමීය ජනරජය ලොවින් අතුරුදහන්ව යනු ඇති බවත් ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top