මත් ජාවාරම මැඩපැවැත්වීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන, රටම එකට ජාතික මෙහෙයුම මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පිරිසෙන් 7300ක පිරිසක් වයස 21ට අඩු අය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මේ වන විට මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස, දෙලක්ෂ දහහතර දහසකි. 21 ට අඩු 7300 අතරින් 150ක් පමණ දෙනා කාන්තාවන් ය.
මේ මෙහෙයුම අතර ගංජා ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය කිලෝ 15000ක් පමණ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇතැයි තොරතුරු වාර්තා වේ.






