පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ආරම්භ කළ උපවාසය අත්හැර තිබේ.
නීතිඥ උපදෙස් මත එලෙස උපවාසය අතහැර ඇති බවයි වාර්තා වන්නේ.
උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර තවදුරටත් ඔහු එහි ප්‍රතිකාර ලබමින් පසුවෙයි.






