/ Jul 02, 2026

වෙනිසියුලාවට බලපෑ භූමි කම්පාවෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට!

වෙනිසියුලාවට බලපෑ ඉතා ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද (02) වන විට හත්වන දිනටත් ක්‍රියාත්මක වන බව එරට වාර්තා පෙන්වා දෙයි.

පසුගිය ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව වෙනිසියුලාවේ උතුරු-මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදුවිය.

මේ වන විට නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව මෙම අනතුරෙන් පුද්ගලයන් 11,267 දෙනෙකු තුවාල ලබා ඇත.

දැනට විපතට පත් ප්‍රදේශවල ජාත්‍යන්තර මුදාගැනීමේ නිලධාරීන් 4,000කට අධික පිරිසක් සහ වෙනිසියුලානු හමුදාව, පොලිසිය, ගිනි නිවන භටයන් ඇතුළු 26,000ක පිරිසක් සහ ස්වේච්ඡා සේවකයන් 17,800කට වැඩි පිරිසක් සහන සේවා සඳහා යොදවා තිබෙන බව සඳහන්.

කෙසේවෙතත් අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් වෙනිසියුලානු රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනබවත් ඊට ප්‍රධානම හේතුව ඔවුන් මුහුණ දී සිටින ආර්ථික කඩා වැටීම බවත් දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top