පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලයකදී ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.
පසුව මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී ඇති අතර මන්ත්‍රීවරයාද තමන්ට පහරදීමක් සිදු වූ බව පවසමින් රෝහල් ගත වී ඇත.
කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.