/ Mar 13, 2025

රාජ්‍ය සේවක අවම වැටුප වැඩි කරන්නැයි ජනපතිට ලිපියක්

ඉදිරි අය-වැයේදී අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් පනස්දහසක් ලෙස දක්වා නීති සකස් කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

ඉදිරි අය-වැයේදී රාජ්‍ය සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විශේෂ කරුණු 7ක් මත පදනම්ව මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් ඉවත් කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදුකිරීමට විදිමත් වැඩපිළි‍වෙලක් සකස් කරන ලෙසත් රාජ්‍ය සේවක දීමනා වැඩිකරන ලෙස සහ රාජ්‍ය දේපළ විකිණීම නවතන ලෙසත් ඉදිරි අය-වැයේදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අදාළ ලිපිය මගින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top