/ Jul 04, 2026

ඩෙංගු මඩින්න ත්‍රිවිධ හමුදාව පෙරට – ජනපති විශේෂ උපදෙස් මත විශේෂ වැඩසටහනක්!

ඩෙංගු රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් වූ ජාතික මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහභාගීත්වය ලැබී තිබේ.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහභාගිත්වයෙන් යුත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගමිනින් අද (04) පෙරවරුවේ ආරම්භ විය.

මෙම පුළුල් මහජන සෞඛ්‍ය වැඩසටහන බස්නාහිර පළාත පුරා පිහිටි ආයතන සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී, පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම, අවහිර වූ කානු පද්ධති පවිත්‍ර කිරීම සහ අධි අවදානම් කලාපවල වෙසෙන මහජනතාව දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍ර දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවීම සිදු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් පරිදි සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ සෘජු අධීක්ෂණය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

මේ වන විට ඩෙංගු රෝගීන් 58810ක් වාර්තා වී ඇති අතර මරණ 39 ක් දක්වා වැඩි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top