/ Jul 06, 2026

රැඳවියන් දෙදෙනකුට දිවි අහිමි කළ මීගමුව බන්ධනාගරයේ ගැටුමේ නවතම තත්ත්වය!

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කරගැනීමට හැකිවූ බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක පවසයි.

මත් ද්‍රව්‍ය ජාවාරමක් පවා දීමේ සිද්ධියක් මුල් කරගෙන එම ගැටුම හටගෙන තිබෙන අතර ගැටුමින් රැඳවියන් දෙදෙනෙක් මිය ගොස් තවත් 36ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එමෙන්ම තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යවා ඇති බවද බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර රැඳවියන්ගෙන් ද සහාය ලැබී තිබුණ අතර මීට අමතරව, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද යොදවා තිබුණි.

ඊයේ දහවල් කාලයේ සිදුවූ මෙම සිදුවීමෙන් පසු රැඳවියන්ගේ පවුල්වල පිරිස්ද බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ සිය ඥාතීන් හමුවීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා තිබුණ අතර ඔවුන් පාලනය කිරීමටද පොලීසියට සිදුව තිබුණි.

මේ අතර කාන්තා රැඳවියන් සිටින කොටසේ ද යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණු අතර ඔවුන් කණ්ඩායමක් බන්ධනාගරයේ වහලය මත නැගී විරෝධතාවක්ද නිරත වන ආකාරය දක්නට තිබුණි.

“මෙම සිදුවීම බන්ධනාගාර රැඳවියන් අතර පමණක් ඇති වූ ගැටුමක්. ඒ සඳහා නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නෑ. රැඳවියන්ගේ ඥාතීන් කිසිදු අනියත බියක් හෝ කලබලයක් ඇති කර නොගන්න. රෝහල් ගත කළ රැඳවියන්ගේ නාමලේඛනය ඇතුළු විස්තර හෙට ලබාදීමට කටයුතු කරනවා”. යනුවෙන් බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක වරයා තවදුරටත් පවසයි.

මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.

එමෙන්ම රැඳවියන්ගෙන් ඉල්ලීම් කිහිපයක්ද ලැබී ඇති අතර, එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

“බූරු මූණා” නම් පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙම ගැටුම මෙහෙයවා ඇති බවත් ඊට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top