/ Jul 07, 2026

බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි!

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වු නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/1 යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් සඳහා වූ ප්‍රතිපාදන යටතේ මෙම ඉල්ලිම සිදු කරනු ලැබ ඇති අතර ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න,එස්.එම්.මරික්කාර්, චතුර ගලප්පත්ති හෙක්ටර් අප්පුහාමි, චමින්ද්‍රානී කිරිඇල්ල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඊට අත්සන් තබා තිබේ.

පසුගිය 05 වැනිදා සහ ඊයේ (06) සිදුවූ ගැටුමෙන් බන්ධනාගර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු රැඳවියන් 19 දෙනෙකු මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top