/ Jul 09, 2026

මීගමුව බන්ධනාගර ගැටුම: විමර්ශනයට ස්වාධීන කමිටුවක් පත්කිරීම ගැන UN වෙතින් ප්‍රසාදය!

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම පිළිබඳව සොයා බැලීම සදහා රජය, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත ත්‍රීපුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය සිය ප්‍රසාදය පළකර තිබේ.

කමිටුව විසින් ලබා දෙනු ලබන නිර්දේශ, රටේ බන්ධනාගාර පද්ධතිය අර්ථවත් සහ කල්පවතින ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට උපකාර වනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය තවදුරටත් පවසයි.

බන්ධනාගාර නිළධාරීන් සහ රැදවියන් යන දෙපාර්ශ්වය රාජ්‍ය ආරක්ෂාව යටතේ පසුවන බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය, ඔවුන්ගේ ආරක්ෂාව දැඩිව තහවුරු කිරීම රජයේ වගකීමක් බවද අවධාරණය කරයි.

එම ගැටුමෙන් බන්ධනාගර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top