/ Jul 09, 2026

පැරණි බෝගම්බරත් නව බන්ධනාගාරයක් කරන්න යයි

භාවිතයට නොගෙන ඉවත් කර තිබු මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය නව බන්ධනාගාරයක් ලෙස ස්ථාපති කිරීම වෙනුවෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සිය බලතලප්‍රකාරව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති අතර වසා දමා ඇති ගාල්ල මහමෝදර රෝහලේ කොටසක්ද තාවකාලික පදනමින් රැඳවියන් රඳවා තැබීම වෙනුවෙන් වෙන් කර ඇත.

ශතවර්ෂ කාලයකට පෙර ඉදිකරන ලද සිරගෙවල් රැඳවියන් රඳවා තැබීමේ ධාරිතාව ඉක්මවා ගොස් තිබෙන බව කලක පටන් මානව හිමිකම් ක්‍රියාධරයන් මතු කළ ගැටලුවකි. කෙසේ වෙතත්, වත්මන් රජය බලයට පත් වී වසර 2කට ආසන්න වෙන තත්වයක අධිකරණ අමාත්‍යවරයාගේ මේ ක්‍රියාකලාපය ප්‍රමාද වී ගන්නා පියවරයන් බව බොහෝ පාර්ශ්ව මත පළ කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top