උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට අධිකරණ සේවා සංගමයේ ඒකමතික විරෝධය පළවී තිබේ.
අද (11) පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුව ඇති අතර එහිදී සාමාජිකයින් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇති බව සඳහන්.
සාමාජිකයින් කිසිවෙකුත් විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර නොමැති බවයි වාර්තා වන්නේ.
ශ්රී ලංකා නීතිඥ සංගමයද ඊට සිය එකඟතාව පළකර නැත.
ඒ අනුව දේශපාලන තලයේ මෙන්ම නීති ක්ෂේත්රයේ ද බොහෝ පාර්ශව ආණ්ඩුවේ උක්ත තීරණයට විරුද්ධත්වය ප්රකාශ කරමින් තිබේ.






