/ Jul 14, 2026

ග්‍රීක බැඳුම්කර නඩුව: කබ්රාල්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි!

2012 වසරේදී ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙමින් තිබියදී එහි බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක් පාඩුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව පවරා ඇති නඩුව පව­ත්වා­ගෙන යෑමට නොහැකි බවට විත්තිය ඉදි­රි­පත් කළ මූලික විරෝ­ධ­තාව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, මනෝජ් තල්ගො­ඩ­පි­ටිය, උදේශ් රණ­තුංග සහ බුද්ධික සී. රාගල යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ එම නඩුව ඊයේ (13) කැඳවූ අවස්ථාවේදී ය.

විත්තිය සිය මූලික විරෝධතාවෙන් ප්‍රකාශ කර තිබුණේ විත්ති­ක­රුට එරෙ­හිව මහා­ධි­ක­ර­ණය හමුවේ පවරා තිබුණු HCB 271/24 සහ HCB 33/24 යන නඩුවල අඩංගු වූ චෝදනා මෙම නඩුවේ චෝද­නා­ව­ලට සමාන බවත් එම නඩු කටයුත්ත අවසන්ව ඇති හෙයින් නැවත වරක් එම චෝදනා මත නඩු­වක් පවත්වා­ගෙන යෑම නීති­වි­රෝධි බවයි.

ඊට පිළිතුරු වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව කියා සිටියේ එහි අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් 2018 අංක 9 දරන පනතේ ප්‍රති­පා­දන ප්‍රකා­රව මෙම නඩුව පැව­රී­මෙන් සිදුව ඇත්තේ පරි­පා­ල­න­මය ක්‍රියා­වක් බවය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කර තිබූ අතර ඒ අනුව, මෙම නඩුවේ පූර්ණ විභා­ගය ජූලි මස 20 වැනිදා ආරම්භ කිරී­මට නිය­මි­තය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top