මීගමුව බන්ධනාගාරයේ පසුගිය 06 වැනිදා ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු වන අතර ඔවුන් ඊයේ (13) සහ අද (14) අලුයම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය 05 සහ 06 වැනිදා ඇති වූ ගැටුම්වලින් රැඳවියන් 21 දෙනෙකුද මිය ගිය අතර එම ගැටුමේ සමස්ත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇත.






