මීගමුව අධිකරණය විසින් ඇප නියම කරන ලද රැඳවියන් කිහිපදෙනෙකුට බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටවීම අවහිර කර ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙත දැනගන්නට ලැබී ඇත.
කනස්සල්ලට පත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පවසන පරිදි, සුළු වැරදි සඳහා ඇප ලබා දී ඇති මෙම පුද්ගලයින්ව මෙලෙස නීතිවිරෝධී ලෙස රඳවාගෙන ඇත්තේ මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩකාරී බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට හෝ ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට බව සඳහන්.
කිසිදු නව අධිකරණ නියෝගයකින් තොරව, ඇප ලබා දීමෙන් පසුවත් මෙම පුද්ගලයින් මෙලෙස දිගටම රඳවා තබා ගැනීම නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය නීතිවිරෝධී අත්අඩංගුවේ තබාගැනීමකට සමාන වේ.
තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අවම වශයෙන් රැඳවියන් 15 දෙනෙකුවත් මෙම නීතිවිරෝධී තත්ත්වයන් යටතේ මේ වන විට බන්ධනාගාරය ඇතුළත සිරවී සිටින බවයි.
මෙම අත්තනෝමතික රඳවා තබා ගැනීම වහාම නැවැත්වීම සඳහා කඩිනම් අධිකරණ මැදිහත්වීමක් අවශ්‍ය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි.






