මැදපෙරදිග යුදමය තත්ත්වය නැවත ආරම්භ වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් වලින් ඊයේ පස්වරුවේ පිටත් වූ ගුවන් යානා මැදපෙරදිග කලාපයේදී යුද්ධයට මැදිව තිබේ.
කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් එලෙස යුද්ධයට මැදිව ඇති බව වාර්තා වෙයි. එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් එවැනි අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දී ඇතත් යල්ලි එම ගුවන් කලාප විවෘත කළ පසු ආරක්ෂිතව ගොඩබස්වා ඇත.
ඊයේ (14) පස්වරු 5.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන්යානය කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත්, රාත්‍රී 06.36ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන්යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
A – 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකක් වන මෙය මැදපෙරදිග කලාපය වෙත ආසන්න වෙත්ම, ඉරානය විසින් මෙම කලාපය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාළාවක් එල්ල කර තිබුණි.
ඒ සමඟම කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, එම රටවල් බලාපිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා දෙක, ආපසු කටුනායක වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ද ප්‍රමාණවත් නොවීම නිසා, එම කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැය 1යි විනාඩි 10ක කාලයක් පියාසර කරමින් සිට පසුව ගුවන් කලාපය විවෘත කළ පසු මෙලෙස ගොඩබැස්වීමට කටයුතු කර තිබුණි.
කෙසේවෙතත් අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක, යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් යානා පමණක් නොව තවත් විදේශීය ගුවන් සේවා එම තත්ත්වයට මුහුණ දී ඇති බ අව සඳහන්.





