අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතයි.
අද (24) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එය තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
මීගමුව බන්ධනාගයේ ඇති වූ ගැටුම පාදක කරගනිමින් එය පාලනය කර ජීවිත හානි වළක්වා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් පාදක කරගෙන විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.






