අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අද (24) විවාදයට ගැනීමට නියමිතයි.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව උක්ත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වැනිදා විපක්ෂය නියෝජිතයින් විසින් කථානායකවරයා වෙත භාර දී තිබුණි.
පාර්ලිමේන්තු කටයුතු අනුව පෙ.ව.11.30 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.






