/ Jul 23, 2026

රු.කෝටි දෙකක කොල්ලය:හිටපු රාජ්‍ය ඇමතිගේ පුත්‍රයා ඇතුළු පස් දෙනා රිමාන්ඩ්!

හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පස්දෙනෙක් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම කොල්ලයට තවත් චීන ජාතිකයෙක් සම්බන්ධ වී ඇති අතර ඔහුද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ පස්දෙනා අතර එම චීන ජාතිකයාද වෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (22) අවසර ලබා දෙන ලදී.

එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (23) ඉදිරිපත් කෙරුණා.

එහිදී ලබන 27වනදා දක්වා ඔහු ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඇප සම්බන්ධ නියෝගය එළඹෙන 27 වැනිදා ලබාදීමට නියමිතයි.

මේ අතර ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයාට අයත් ජංගම දුරකතන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස අදාළ දුරකතන ආයතනයට සහ බැංකුලට නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top