පසුගිය වසර අවසානය වන විට මෙරට අධිකරණවල පවතින විසඳීමට ඇති නඩු ප්‍රමාණය හයලක්ෂ හැටපන්දහස් දෙසිය හැත්තෑහතක් (665277)ක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.
මහාධිකරණ 27ක නඩු 22431කි. සිවිල් අභියාචනාධිකරණ 14ක නඩු 5109කි. දිසා මහේස්ත්‍රාත් අධිකරණ 122ක නඩු 637737ක් විසඳීමට ඉතිරිව තිබෙන බව එහි දැක්වේ.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම මෙයට හේතුවක් ලෙස ද එහි දක්වා ඇත.






