/ Jul 31, 2026

ජනාධිපති ට්‍රම්ප්ගේ දේශපාලන ආක්‍රමණය අලුත් ක්‍රමයකට?

හමාස් ඇතුළු ගාසා සන්නද්ධ කණ්ඩායම් සම්පුර්ණයෙන් නිරායුධ කිරීම වෙනුවෙන් “Board of Peace” මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ එය ඊශ්‍රායල–ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති “Trump 20-Point Plan” ක්‍රියාත්මක කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.

ඒ අනුව මෙම ගිවිසුම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර නිරායුධකරණය ඉදිරියට යාමත් සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

අනතුරුව ජාත්‍යන්තර ස්ථාවරකරණ බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් එක්ව ගාසා ප්‍රදේශයේ ආරක්ෂාව භාර ගැනීමට නියමිතයි.

මෙම එකඟතාව සඳහා මැදිහත් වූ ඊජිප්තුව, කටාර් සහ තුර්කියට ද ජනාධිපති ට්‍රම්ප් සිය ස්තුතිය පළ කර තිබෙන අතර යෝජිත කොන්දේසි ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top