/ Mar 14, 2025

ග්‍රෑන්පාස්- මිනුවන්ගොඩ ඝාතන ද්විත්වයන් සිදු කළ සැකකරුවන් දැලේ!

මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම යන සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2025.02.07 වෙනිදා වෙඩිතබා වයස අවුරුදු 35ක ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

ඒ අනුව ඊයේ (13) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකථන 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 33 යන වයස්වල පසුවන යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

2024.10.16 වෙනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කළ අතර සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෝදර පොලිස් වසමේ පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 420ක් සමඟ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට බාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top