/ Jul 31, 2026

Breaking News:හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වූ අතර හේමසිරි ප්‍රනාන්දු මහතාට අදාළව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට ද පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top