/ Aug 04, 2026

අද කාලගුණ තත්ත්වය!

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත් එම ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි යැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ,අගෝස්තු මස 4 වැනිදා සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top