බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි ද අගෝස්තු මස 5 වැනිදා සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.
උදෑසන 5ට නිකුත් කළ එම කාලගුණ අනාවැකියට අනුව සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි ය.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැනට පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කියයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.






