දේශපාලනඥයන් දෙන ‘ලණු’ ගිල දමා අසරණ නොවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා සිටියි.
අතීතයේ දේශපාලන පක්ෂ සමඟ අත්වැල් බැඳගත් පොලිස්පතිවරුන්ට සිදු වූ දේ පිළිබඳ මතකයේ තබාගන්නා ලෙසයි මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට අනතුරු අඟවන්නේ.
පොලිස් සේවය සඳහා රජයෙන් අසීමිත ප්‍රතිපාදන වෙන්කරන පසුබිමක පොලිස්පතිවරයා දේශපාලනඥයන්ගේ උගුල්වලට හසුනොවිය යුතු බව හෙතෙම කියාසිටියි.
“දේශපාලනඥයෝ දෙන ලණු කන්න යන්න එපා. මීට කලින් ඒ විදිහට පක්ෂ පිටිපස්සේ ගිය පොලිස්පතිවරුන්ට වුණේ මොකක්ද කියලා හිතලා බලන්න. අසීමිත අරමුදල් ලැබෙන පොලිස්පතිවරයාව අසරණ කරන්න එපා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.






