/ Mar 14, 2025

වැලන්ටයින් දා පාසල් නිවාඩු දිනයක් කළ ලිපියක් ගැන දැනුම්දීමක්

අද (14) දිනයේ පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව සංසරණය වන ලිපිය හේතුවෙන් මහත් ආන්දෝලයක් ඇති වී තිබේ.

අදල ලිපියේ දක්වා ඇත්තේ ආදරවන්තයිනගේ දිනයේදී ළමා අපයෝජන වැඩි වශයෙන් සිදු වන බවට වාර්තා වී ඇති බැවින් අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම තීරණය ගත් බවටයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ එම ලිපිය ව්‍යාජ ලිපියක් බැවින් එම ලිපිය බෙදාහැරීමෙන් වැළකී සිටින ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top