/ Aug 06, 2026

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන විමර්ශනයට අධිකරණයෙන් අවසර!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට අවසර දී තිබේ.

අද (06) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් අද අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම විනර්ශනය සඳහා පොලිසියට අවසරය ලබාදුන්නා.

සාගර කාරියවසම් මහතා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු වූ බවයි.

එහිදී හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට සේවය කිරීම නතර කර ජනතාවට සහ රජයට සේවය කරන ලෙසයි.

එමෙන්ම “මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවාට තමන් අකමැති බව” ද සාගර කාරියවසම් එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top