/ Aug 07, 2026

බන්ධනාගාර ගැටුම් බොරැල්ලෙන් කුරුවිටට!

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ‘E’ වාට්ටුව රඳවා සිටි රැඳවියන් කලහකාරී තත්ත්වයක් ඇති කර තිබුණු අතර එය සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා ද යොදවා තිබුණු අතර බන්ධනාගාරය ඉදිරිපිටද පිරිස් රැස්ව සිටියහ.

එම නොසන්සුන්තාව හටගෙන තිබුණේ ඊයේ රාත්‍රී 10.20ට පමණය.

එම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව සඳහන්.

කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර ඊයේ රාත්‍රියේ කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් අතර ද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

රාත්‍රියේදීම ගැටුම පාලනය කර තිබෙන නමුත් අද උදෑසන නැවත යම් නොසන්සුන්තාවක් ඇතිව තිබෙන අතර රැඳවියන් බන්ධනාගාර රෝහලට ද අලාභහානි කර තිබෙන බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top