එකම අංක තහඩුව සහිත මෝටර් රථ දෙකක් දෙහිවල සහ දළුගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ (CACAF) වලාන, පානදුර පොලිස් බුද්ධි නිලධාරීන් විසින් ඊයේ ( 13) මෙම මෝටර් රථ අත්අඩංගුවට ගෙන ඇති අතර එම වාහන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර සැබෑ මෝටර් රථය හඳුනා ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.