විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතීඥ සංගමයට හෙට ප.ව. 1ට සාකච්ඡාවක් ලබාදී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්ද සිදුකර තිබුණු අතර ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින්නේ රජයේ මෙම තීරණය නැවත හරවා ගත යුතු වන බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟද සාකච්ජාවක් පැවැත්විය.
කෙසේවෙතත් ඊට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබේ.
එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස සංශෝධනය කර ඇත.






