ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ෆ්ලොරෙස් ප්‍රදේශයට අද (17) අලුයම රික්ටර් මාපකයේ 5.9ක අගයකින් යුත් භූ කම්පයක් හට ගෙන ඇති බවයි.
පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් පිහිටි මෙහි කේන්ද්‍රය දකුණු අක්ෂාංශ 8.57 සහ නැගෙනහිර දේශාංශ 121.55 ලෙස මුලින් හඳුනාගෙන තිබෙන අතර ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදුවූ අතර එම භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන තුනක් ද සිදුව තිබුණි.
ඉන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබුණි.
ආපදාවට ලක්වූවන් 9,200ක ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බව සඳහන්.
භූකම්පන තත්ත්වයෙන් පසු එරට සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සීමා පැනවීමට පියවර ගෙන තිබූ අතර ඉන්දුනීසියානු වරාය අධිකාරිය විසින් සමුද්‍ර ප්‍රවාහන සේවා අත්හිටුවීමටද පියවර ගැනුණි.






