/ Aug 17, 2026

නාමල්ට ඩ්‍රෝනවලින් පොහොර දාන්න වෙන්නේ බන්ධනාගාරයේ ඉඳන් තමයි – නියෝජ්‍ය ඇමතිගේ ප්‍රතිචාරය

තමන්ට බලය ලැබී මුල් සති කිහිපය තුළ ඩ්‍රෝන් තාක්ෂණයෙන් පොහොර හඳුන්වා දී ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට නාමල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් දක්වා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ පවුලේ පිරිස වසර ගණනාවක් බලයේ සිටියදී නොකළ දේවල් පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා දැන් ගස් උඩ සිට ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.

නාමල් රාජපක්ෂට ඩ්‍රෝන් මගින් පොහොර යෙදීමට සිදුවනුයේ බන්ධනාගාරය ඇතුළතදී බවත්, බන්ධනාගාර භාර අමාත්‍යවරයා සිරකරුවන්ගේ සුබසාධන කටයුතු යටතේ ඊට අවස්ථාව ලබාදෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාරයේ පිරිස් නාමල් රාජපක්ෂව මතක් කරන බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට පෙර දිනයකදී ප්‍රකාශ කළ බවත්, ඉදිරියේදී සිදුවීමට නියමිත වැඩකටයුතුවලට නාමල් රාජපක්ෂ සූදානම් විය යුතු බවත් ඔහු පැවසීය.

“බන්ධනාගාරවල මං හිතන්නේ ඔය කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමහර දේවල් ඉෂ්ට කරන්න බන්ධනාගාර භාර ඉන්න අපේ අධිකරණ ඇමතිතුමා සිරකරුවන් එක්ක යම් සුබ සාධක කටයුතු කරයි. ජොන්ස්ටන් එහෙම කියලා තිබ්බා නාමල්ව ගොඩක් බන්ධනාගාරයේ ඉන්න කට්ටිය මතක් කරනවා කියලා. එයාට පුලුවන් පහුගිය අවුරුදු ගාණක් එයාලගේ බාප්පලා සීයලා කරපු නැති දේවල් දැන් එළියට ඇවිල්ලා ගස් උඩ ඉදන් කියවන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එක නිසා ඒවා මතක් කරගෙන බන්ධනාගාරය ඇතුළේ පුලුවන් ඩ්‍රෝන් එකෙන් හරි මොකෙන් හරි ගගහා ඉන්න. ඒක නිසා නාමල්ට අදාළ කරන වැඩ කටයුතුවලට ඉතින් ලෑස්ති වුණා නම් හරි. අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නීතියේ ආධිපත්‍යය ඇතුලේ අපේ රටේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න.” යනුවෙන් එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top