/ Aug 19, 2026

එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ තැනැත්තෙක් අත්අඩංගුවට!

ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගැනීම ඊයේ (18) දින සිදුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top