මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිලධාරීන් දස දෙනාගේ පවුල් වෙත වන්දි පිරිනැමීම අද (21) සිදුවිය.
ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ එක් පවුලකට රුපියල් ලක්ෂ 20 බැගින් මූල්‍ය ආධාර ලබා දීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබුණු අතර අනපේක්ෂිත අවස්ථාවක රට වෙනුවෙන් කැප වූ මෙම නිලධාරීන් වෙනුවෙන් ඉතා කඩිනමින් රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමට රජය තීරණය කළ බව එහිදී අවධාරණය කෙරිණි.
මූල්‍යමය වන්දි ලබා දීමට අමතරව, මියගිය නිලධාරීන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් තවත් සහන රැසක් සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.






