/ Aug 24, 2026

ඩෙංගු රෝගීන් 94,000 ඉක්මවයි!

වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 94,037ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ගෙන්ගු මර්දන ඒකකය පවසයි.

වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,962ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම ජූනි මාසයේදී රෝගීන් 21,533ක් ද, අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 8,701ක් ද වාර්තා වී ඇත.

වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.93ක්ම, එනම් රෝගීන් 49,771ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,763ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,519ක් වාර්තා වී තිබේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 20,034කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,652 ක් වාර්තා වන අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,787 ක් වාර්තා වේ.

තවදුරට්ටැහැ දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 76ක් හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top