පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (31) දිනයේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එලෙස කැඳවා ඇත.
එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් තිබුණි.
එම අවස්ථාවේ දී ද මන්ත්‍රීවරයා නිවසේ සිට නොතිබුණු අතර සිය දියණියගේ විවාහ මංගල්‍යයට අදාළ කටයුතු හේතුවෙන් කොමිසමේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස රමන්ත්‍රීවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා තිබී ඇත.
ඒ අනුව රවී කරුණානායක මන්ත්‍රීවරයා අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.






