22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබේ.
ඊට ආදාලව පෙත්සම් භාර ගැනීම අදින් (31) අවසන් වන අතර හෙට (01) දිනයේ පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.
එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කරන අතර අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන සෙසු විනිසුරුවරු එම මඩුල්ලේ සෙසු සාමාජිකයන්ය.





