අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇප මත මුදාහැර ඇති අතර විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ඒ අද (31) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් අනතුරුවය.
ඔහු අත්අඩංගුවට ගැනුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි.





