/ Sep 04, 2026

එංගලන්ත සංචාරයට කුසල් මෙන්ඩිස් නැහැ. නායකත්වය චරිත් අසලංකට!

අබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් එංගලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක වෙත පවරා තිබේ.

හෙට(05) දින එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත සංචිතයේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වය මුලින් කුසල් මෙන්ඩිස්ට හිමිව තිබුණද, මෙම අනපේක්ෂිත ආබාධ තත්ත්වය නිසා ඔහුට විස්සයි විස්ස තරගාවලිය අහිමි වී තිබේ.

ඒ වෙනුවට පවන් රත්නායක සංචිතයට කැඳවා ඇති අතර විස්සයි විස්ස සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද ආබාධයකට ලක්වීම නිසා ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුසංඛ සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top