/ Sep 05, 2026

විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා – විපක්ෂ නායකගෙන් චෝදනා

අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව විකෘති සේම ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් බවත් මේ විකෘති ආණ්ඩුව විසින් මේ වන විට පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලසුමක් ක්‍රියාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ සංකෝචනය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙහි ආරම්භය යෞවන සමාජ නිලවරණ තුළින් සිදුවී අනතුරුව සිවිල් ආරක්ෂක කමිටු දක්වාත් මේ වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සියල්ල විනාශ කර තනි මතයට කටයුතු කරන්න මේ රජය කටයුතු කරන බවත් විපක්ෂ හෙතෙම සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (05) හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවැති ගොවි ගැටලු සොයා බැලීමේ ජන හමුවක් අමතමිනි.

තනි මතයට කටයුතු කරන ඒකාධිපති ආඥාදායක මේ ආණ්ඩුවේ තීරණ නිසා රටම කඩා වැටී ඇති අතර ජනාධිපතිවරයාට මේ වන විට ඇත්තේ සදාකාලිකවම තනි පක්ෂයක් රට පාලනය කිරීමේ අරමුණ බව ඔහු කියාසිටියි.

මේ රජය දන්නේ මර්දනය, පළිගැනීම, හිංසාව බවත් අප රටට අවශ්‍ය වන්නේ මනුෂත්වය රජකරවන මිනිසා ජීවත් කරවන දේශපාලනය බවත් රජය කළ යුත්තේ එය වුවත් දශලක්ෂ ගණනින් ගොවි ජනතාව රවටා මිනිසා රවටා බලයට පැමිණි මේ ගොවි ආණ්ඩුව අද රටම වට්ටවා ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්තශාලා පවා අද රට අතහැර යන බවත් කර්මාන්ත ජනපද ආරම්භ කරන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top