/ Sep 05, 2026

ලිට්‍රෝ ගෑස් මිල පහළට!

අද (05) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර තිබේ. එහි මිල රුපියල් 815ක් දක්වා පහත දමා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top